Pages

03 May, 2017

Dayasiri said about Sajith

අද (03) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

එම මාධ්‍ය හමුව සඳහා දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහභාගී විය.

එම මාධ්‍ය හමුවට පෙර දයාසිරි ජයසේකර අමාත්‍යවරයා විසින් එහි සිටි අනෙකුත් ඇමතිවරුන්ට කළ කතාවක් නිසා ඔවුන් අතර ලොකු සතුටක් හට ගන්නය පටන් ගත්තා.

එම කතාව එම ස්ථානයේ සිටි මාධ්‍ය වේදින්ගේ කැමරා වල සටහන් වුණා.

එ් කතාව ඇත්තටම මොකක්ද කියලා වීිඩියෝවෙන් නරඹන්න.

Political

“මේ මේ ඊයේ නියම වැඩක් වුණා - අරූගේ මුහුණ රතුවෙලා යන්න ගියා බං“ දයාසිරි සජිත්ට දීපු බයිට් එකක් මාධ්‍ය හමුවකදී ලීක් වුන හැටි

Share To:

Dayasiri said about Sajith

අද (03) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

එම මාධ්‍ය හමුව සඳහා දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහභාගී විය.

එම මාධ්‍ය හමුවට පෙර දයාසිරි ජයසේකර අමාත්‍යවරයා විසින් එහි සිටි අනෙකුත් ඇමතිවරුන්ට කළ කතාවක් නිසා ඔවුන් අතර ලොකු සතුටක් හට ගන්නය පටන් ගත්තා.

එම කතාව එම ස්ථානයේ සිටි මාධ්‍ය වේදින්ගේ කැමරා වල සටහන් වුණා.

එ් කතාව ඇත්තටම මොකක්ද කියලා වීිඩියෝවෙන් නරඹන්න.

9:55 PM
wedding-pre-shoot-Sexual-positions-represents-01

විදේශික යුවළක් සිය විවාහයට පෙර ජායාරූප (Pre shoot) ලෙස මංගල ඇදුමෙන් සැරසී ලිංගික ඉරියව් නිරූපණය කිරීමේ සිදුවීමක් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් විසින් වාර්තා කර තිබේ.

මෙම යුවළගේ ජායාරූප ගත් ජායාරූප ශිල්පියා විසින් එම ජායාරූප ටුවිටර් මාධ්‍යයේ පළ කිරීමත් සමඟ එය ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේද wedding pre shoot යන්න දැන් විවාහයේ අත්‍යවශ්‍ය අංගයක් වී තිබේ. විවාහයට නොසිතූ විරූ ප්‍රසිද්ධියක් ලබාගැනීමට අවශ්‍ය යුවළක් වෙතොත් මෙවැනි නව අත්හදාබැලීමක් සිදුකලාට වරදක් නැත.

නමුත් මෙම ජායාරූප ලොව බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව ඇති අතර සංස්කෘතියට හානි කරන කටයුත්තක් ලෙස අදහස් පළ කර තිබේ.

එම ජායාරූප ඔබට පහතින් නැරඹිය හැක.

World

ලිංගික ඉරියව් නිරූපණය කල ලොව කැළඹූ Wedding Pre Shoot එක මෙන්න (Photos)

Share To:

wedding-pre-shoot-Sexual-positions-represents-01

විදේශික යුවළක් සිය විවාහයට පෙර ජායාරූප (Pre shoot) ලෙස මංගල ඇදුමෙන් සැරසී ලිංගික ඉරියව් නිරූපණය කිරීමේ සිදුවීමක් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් විසින් වාර්තා කර තිබේ.

මෙම යුවළගේ ජායාරූප ගත් ජායාරූප ශිල්පියා විසින් එම ජායාරූප ටුවිටර් මාධ්‍යයේ පළ කිරීමත් සමඟ එය ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේද wedding pre shoot යන්න දැන් විවාහයේ අත්‍යවශ්‍ය අංගයක් වී තිබේ. විවාහයට නොසිතූ විරූ ප්‍රසිද්ධියක් ලබාගැනීමට අවශ්‍ය යුවළක් වෙතොත් මෙවැනි නව අත්හදාබැලීමක් සිදුකලාට වරදක් නැත.

නමුත් මෙම ජායාරූප ලොව බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව ඇති අතර සංස්කෘතියට හානි කරන කටයුත්තක් ලෙස අදහස් පළ කර තිබේ.

එම ජායාරූප ඔබට පහතින් නැරඹිය හැක.

9:45 PM
wife-killed-her-husbond

සිය බිරියගේ අනියම් ඇසුර අතටම හසුවීමෙන් පසු ඇයට හෝ ඔහුට පහරදී හිරිහැර කරනවා වෙනුවට සිය බිරිය අනියම් සැමියාට භාරකොට නිවෙසින් පිටව ගිය ස්වාමිපුරුෂයකු පිළිබඳව අසන්නට ලැබුණේ තරුණ බිරින්දෑවරුන් නිවෙස්වල තනිකොට එතෙර යන සැමියන්ට සිතන්නට යමක් ඉතිරි කරමිනි.

මහියංගණයට නුදුරු ගම්මානයක සංවර්ධන ව්‍යාපෘතියක සේවයට මීට වසර අටකට පමණ ඉහතදී ගාල්ල ප්‍රදේශයේ සිට පැමිණි එවකට විසි තුන් හැවිරිදි වියේ පසුවූ ඔහු එම ගමේ පදිංචි තරුණියක සමඟ මිතුරු වීමෙන් අනතුරුව විවාහ දිවියට පත්ව අසල ගමක පුංචි නිවහනක් ඉදිකරගෙන පදිංචියට පැමිණියේය.

එදිනෙදා කුලියෙන් ජීවත්වූ දරු දෙදෙනකුගෙන් යුතු මේ පුංචි කැදැල්ලේ විය පැහැදම් එන්න එන්නම වැඩිවෙන්නට පටන් ගැනුනෙන් ඔවුනොවුන්ගේ කතිකාවෙන් අනතුරුව ඔහු තෝරාගනු ලැබුවේ පවුලේ අනාගත සුබසිද්ධිය පතා රන් මසු සොයා දුරු රටකට යෑමටය.

ඒ අනුව මෙයට වසර දෙකකට පමණ ඉහතදී ඔහු විදෙස් ගතවූයේ තුන් හැවිරිදි හා පස් හැවිරිදි දියණියන් දෙදෙනා බිරියට භාර කරමිනි. විදෙස් ගතවූ ඔහු ඉඩ ලද හැම අවස්ථාවකදීම බිරියටත් දරුදෙනාටත් දුරකතනයෙන් ඇමැතුම් ගෙන කතා කළ අතර ඔවුන්ගේ වියදමටද මුදල් එවීමට අමතක නොකළේය.

ගෙවී ගියේ වසර එකහමාරක පමණ කාලයකි. ගමේ හිත මිතුරන්ගෙන් සහ ඥාතීන්ගෙන් ලැබෙන ඇමැතුම්වලින් කියවුණේ තම බිරිය අසල ගමක පදිංචි විවාහක එක්දරු පියකු වන විසි හත් වියැති තරුණයකු සමඟ අනියම් සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇති බවත් ඇතැම් දිනවල ඔහු මෙම නිවෙසේ රැය පහන් කරන බවත්ය. මෙය බිරියගෙන් විමසූ විට එය ගැමියන් බොරුවට ගොතනු ලැබූ කතාවක් බවත් තමන් එවැනි නරක ගැහැනියක් නොවන බවත් ඔහුට ඇය පවසා තිබේ.

එහෙත් මෙය ඔහුට නිතර වදදෙන ප්‍රශ්නයක් විය. බිරියට හොරා ගමට ගොස් ඇගේ අනියම් සැමියා තම අතටම අල්ලා ගැනීමේ අරමුණෙන් ලංකාවේ මිතුරකු මාර්ගයෙන් තම මව මියගොස් ඇති බවට විදුලි පුවතක් සේවය කරන ආයතනයට යොමු කරවිය. එම හදිසි කාරණය මත ආයතනයෙන් දින හතරක නිවාඩුවක් ලබාගත් ඔහු හොර රහසේම ගමට පැමිණ නිවෙසට යාබදව ඇති තම හිතවතකුගේ නිවෙසේ ලැගුම් ගත්තේය. 

හිතවතුන් පැවැසූ පරිදි එදින රාත්‍රිය විශේෂත්වයක් නොවුණි. පසු දින ඔහු එම නිවෙස තුළටම වී සිටි අතර එම නිවෙසේ ජනෙල් කවුළුවෙන් දරුවන්ගේ කෙළි සෙල්ලම් හා බිරිඳව නිරීක්ෂණය කළේය. එදින රාත්‍රියේද යම් සිදුවීමක් වේදෝයි යන සැකයෙන් පසුවූ ඔහුට රාත්‍රි 10ට පමණ ත්‍රිරෝද රථයක් කෙළින්ම ගොස් නතරවූයේ ඔහුගේ නිවෙසේ බව දැක ගන්නට හැකි විය. එවිටම නිවෙසේ වසා තිබූ ඉදිරි ‍ෙදාර විවෘත වීමෙන් පසු රථයේ පැමිණි අය ගෙතුළට ගිය බවත් නැවත ‍ෙදාර වැසුණු අයුරුත් ඔහු ඇතුළු එම නිවැසියන්ට දැක ගත හැකිවිය.

පැමිණි අමුත්තා ආපසු යන පාටක් නොවූ හෙයින් ඔහුත් මිතුරාත් මිතුරාගේ බිරියත් එක්ව ඔහුගේ නිවෙසට පිය මැන්නේ අඳුරේමය.

එහිදී මිතුරාගේ බිරිය ‍ෙදාරට තට්ටු කරමින් පැවැසුවේ "නංගි මගේ පුතාට උණ හැදිලා මට පැනඩෝල් දෙකක් දෙන්න" හැකි දැයි කියාය. එසේ කීප වරක් කතා කිරීමෙන් පසු මද වේලාවකින් "හා පොඩ්ඩක් ඉන්න අක්කා" යැයි කියා නිවෙසේ විදුලි පහන් නොදල්වාම ඇය ඉදිරි ‍ෙදාර ළඟට විත් ‍දොර මදක් විවර කර "ආ මෙන්න අක්කේ" කියා ‍දොර බාගෙට විවෘත කරනවාත් සමඟම ඇයව තල්ලුකරගෙන නිවෙස තුළට ගිය ඇගේ සැමියා වහා විදුලි පහන් දල්වා ඉදිරි ‍දොර වසා ඇයගේ නිදන කාමරයට ගියේය. 

ගැමියන් සහ ඥාතීන් පැවැසූදේ ටක්කෙටම හරිය. බිරියගේ ඇඳමත නිදන තරුණයෙකි. ඔහුට ආ වේගයට අත උස්සා ඇඳේ සිටි තරුණයාට පහරක් දීමට සූදානම් වුවද එම තීරණය වෙනස් කරමින් ඔහුගේ අතින් අල්ලාගෙන හා දැන් ඉතින් නැඟිටපන් මල්ලී යැයි කියා සාලයට රැගෙන විත් බිරියවද ඔහු අසලින්ම වාඩිකරවා "මල්ලි මම කරපු මේ වරද පිළිගන්නවා. ඒකට මම නෝනාගෙනුත් සමාව ඉල්ලනවා. නෝනට සල්ලි බාගෙට වඩා ආදරය සෙනෙහස වටිනවා. 

ඒක මගෙන් ඉටු නොවුණු නිසා තමයි මේ තහනම් ගහේ ගෙඩි කන්නට තීරණය කළේ. ඒ නිසා මම ඔය දෙන්නට ආශිර්වාද කරනවා. අද ඉඳලා ඔයා මගේ බිරියත් මේ පුංචි දරු දෙන්නත් බලා ගන්න. ඔයාලට මම හදපු මේ නිවෙසේ ඉන්නත් පුළුවන්. දෑවැද්දට මම උඹට මේ දරු දෙන්නා දෙනවා. දරු දෙන්නා ලොකු මහත් වෙනකම් උන් දෙන්නට අවශ්‍ය මුදල් මම එවන්නම්. උන්ට අඩුපාඩුවක් කරන්න එපා. එහෙනම් උඹලා දෙන්නට දෙවි පිහිටයි" 

යැයි කියා මේ කිසිවක් නොදත් නිදියහනේ නිදා සිටින දරු දෙන්නා වෙත ගොස් ඔවුන් සිප වැලඳගෙන තමන් ආ බව දරුවන්ට නොදන්වන ලෙසත් දරුවන්ටත් බිරියටත් ගෙනා ඇඳුම් පැලැඳුම් ද භාර කොට ඔහු පරාජිතයකු ලෙසින් නිවෙසින් පිටව ගියේ රන් මසු සොයා දුරු රටවල යන සැමියන්ට යමක් හිතන්නට ඉඩ හරිමිනි.

හසලක - සුනිල් ඉහළගෙදර  (mawbima)
Crime

තහනම් ගහේ ගෙඩි කෑවාට තරහක් නෑ - බිරිඳ අනියම් පෙම්වතාට භාරදී සැමියා නිවෙසින් පිටවෙයි

9:25 PM
දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

Watch to cartoons of the day, visit our Cartoons page.

Cartoon

දවසේ කාටූන් - 2017.05.03

Share To:

දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

Watch to cartoons of the day, visit our Cartoons page.

6:30 PM
Anoma Janadare Birthda-2016

Celebrities

අනෝමා ජිනාදරී නිදි යහනේ සිට උපන්දිනය සැමරුවහැටි මෙන්න

Share To:

Anoma Janadare Birthda-2016

4:55 PM
Birth-with-two-heads-India-01

ඉන්දියාවේ මවකට හිස් දෙකක් සහිතව දරුවෙකු ඉපිද තිබේ. ඉන් එක් දරුවෙකු පරපෝෂිතයෙකු වශයෙන් ඉපිද ඇති අතර, එයට අතිරේක අතක්ද තිබී ඇත. පරපෝෂිත දරුවා ප්‍රධාන දරුවාගේ උදරයෙන් සම්බන්ධ වී තිබිණි.

කෙසේ වෙතත් ඉන්දියාවේදීම කළ සාර්ථක සැත්කමකින් පසුව පරපෝෂිත දරුවා ඉවත්කර අනෙක් දරුවා බේරාගෙන තිබේ.

එම දරුවා ගැහැනු දරුවෙකු වන අතර, සැත්කම සඳහා පැය හතරක කාලයක් ගතව තිබේ. ජයිපූර්හි ජේ.කේ. ලෝන් රෝහලේදී සැත්කම සිදුකර ඇත්තේ කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරවය.

දියණියගේ දිවිය ආරක්ෂා කරගැනීම සඳහා ලේ ලබාදීම මෙන්ම ඉතාමත් වැදගත් පෝෂ්‍යදායී දෑ ලබාදීම වැදගත් බව ශල්‍ය වෛද්‍යවරුන් පවසා තිබේ.

පරපෝෂිත දරුවාට ඇස් හෝ කන් තිබී නොමැති අතර, 21 හැවැරිදි මවක මෙම දරු ප්‍රසූතිය සිදුකර තිබේ.

ඇය ගර්භිණී කාලයේදි අසාමාන්‍ය වේදනාවකින් පෙළීමෙන් පසුව කරනු ලැබූ පරීක්ෂණවලදී මෙය හඳුනා ගෙන තිබූ අතර, මෙවැනි උපතක් මිලියනයකට එකක් සිදුවන බව සඳහන්ය.

ඇයගේ 24 වැනි වියේ පසුවූ ස්වාමි පුරුෂයා පවසා ඇත්තේ මූලිකත්වය බිරිඳට හිමිවිය යුතු බවත්, දරුවාගේ ජිවිතය දෙවැනියට පත්විය යුතු බවත්ය. ඔවුන් දෙදෙනාම විශ්වාස කර ඇත්තේ තම පළමු දරුවාගේ ජීවිතය අහිමි වෙනු ඇති බවයි.

කෙසේවෙතත් තම පළමු දරුවාගේ දිවිය ආරක්ෂා කරදීමට වෛද්‍යවරු සමත්වූහ.

(ඩේලිමේල් ඇසුරිනි- ada)
World

හිස් දෙකක් සහිතව දරු උපතක්

4:42 PM
Rohitha Rajapakse with Girl

ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය කොළඹ ගෝල්ෆේස් පිටියේදී ඉකුත්දා පැවැත්වුනා.

රැළිය ආරම්භයට පෙරම මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ එහි සංවිධන කටයුතු අධීක්ෂණය කලා.

එහෙත් ඔහු මැයි දින රැළියට සහභාගී වූයේ නැහැ.

රෝහිත සිය පෙම්වතිය සමග ගෝල්ෆේස් පිටිය අසල හෝටලයක ඉහළම මහලයේ සිට රැළිය නරඹා තිබෙනවා.

එහි ඡායාරූපයක් පහතින්.

Political

මැයි පළවෙනිදා රෝහිත පෙම්වතිය සමග හෝටලයේදී කළ වැඩක් පත්තුවෙයි

Share To:

Rohitha Rajapakse with Girl

ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය කොළඹ ගෝල්ෆේස් පිටියේදී ඉකුත්දා පැවැත්වුනා.

රැළිය ආරම්භයට පෙරම මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ එහි සංවිධන කටයුතු අධීක්ෂණය කලා.

එහෙත් ඔහු මැයි දින රැළියට සහභාගී වූයේ නැහැ.

රෝහිත සිය පෙම්වතිය සමග ගෝල්ෆේස් පිටිය අසල හෝටලයක ඉහළම මහලයේ සිට රැළිය නරඹා තිබෙනවා.

එහි ඡායාරූපයක් පහතින්.

3:29 PM
Iraj Youtube Income

ඉරාජ් වීරරත්න මෙරට සිටින ආන්දෝලනාත්මක නිර්මාණකරුවෙක්. ඔහු ඔහුගේ නිර්මාණ රූපවාහිනී නාලිකාවල ප්‍රදර්ශණයට ලබා දිමෙන් ආදායම් උපයනවා වෙනුවට නව මාධ්‍යක් වන Youtube හරහා මුදල් උපයන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්.

ඉරාජ් තමන්ගේ නිර්මාණ හරහා මාසිකව කෙතරම් මුදලක් උපයනු ඇත්ද යන්න බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්ණයක්. ලෝක ප්‍රසිද්ධ Youtube ආදායම් තක්සේරුකරන වෙබ් අඩෙවියක් වන socialblade.com වෙබ් අඩෙවිය විසින් සිදුකරන ලද තක්සේරු වාර්තාවක් හරහා ඉරාජ්ගේ මාසික සහ වාර්ශික Youtube ආදායම පිළිබඳව අපට දළ අදහසක් ලබා ගත හැකිය.

එම වෙබ් අඩෙවියට අනුව ඉරාජ්ගේ මාසිය ආදායම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 15,OOO පමණ වනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 23 පමණ වන තරම් විශාල මුදලක්! එම වෙබ් අඩවියට අනුව ඔහුගේ වාර්ශික ආදායම රුපියල් ලක්ෂ 275 ඉක්මවනවා.

මෙම ආදායම දළ වශයෙන් ගණනය කරන ලද්දක් වන අතර සත්‍ය ආදායම මීට වඩා බොහෝ සෙයින් වැඩිවිය හැකියි.

නිර්මාණශීලී හැකියාවන්ගෙන් යුක්ත මිනිසුන්ට ආදායම් ජනනය කිරීම සඳහා ඉතා පහසු ක්‍රමෝපායන් නවීන තාක්ෂණය හරහා බිහිවී තිබෙනවා. ඉරාජ්ගේ වීඩියෝවලට බොහෝ දෙනෙක් දැඩි විවේචන එල්ල කලත්, ඔහු ඒ කිසිවක් නොසලකා එවැනිම ආන්දෝලනාත්මක වීඩියෝ නිකුත් කරන්නේ මේ ආදායම නිසයි.

socialblade.com වෙබ් අඩෙවිය ඉරාජ්ගේ දළ ආදායම පිළිබඳව ඉදිරිපත් කර තිබූ තක්සේරු වාර්තාව පහතින් දැක්වේ.

Celebrities

රෙදි ගලෝලා රැස් වළලු දාලා ඉරාජ් Yutube වලින් මාසෙකට උපයන - ඔබ නොහිතන මුදල මෙන්න! (Exclusive)

2:35 PM
princes kate half naked pictures

ප්‍රංශයේ සඟරාවකින් යුරෝ මිලියන 1.3ක වන්දි ඉල්ලමින් එංගලන්ත රජ පවුලේ විලියම් කුමරා හා කේට් කුමරිය  නඩු පවරා තිබෙනවා.

ඒ කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් එම සඟරාවේ විසින් පළ කර තිබීම හේතුවෙන්.

මීට වසර පහකට පෙර පෞද්ගලික නිවාඩුවක් ගත කරමින් සිටි රාජකීය යුවලගේ පින්තූර එම සඟරාවේ පැපරාසි ඡායාරූප ශිල්පියෙකු විසින් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදී ප්‍රංශයේ අධිකරණයක විභාග වූ අදාළ නඩුවට රාජකීය යුවළ පෙනී නොසිටියද ඔවුන් වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිට තිබෙනවා.
World

කේට් කුමරියගේ උඩුකය නිරුත් ඡායාරූප පලකල පුවත් පතකට නඩු (Photos)

Share To:

princes kate half naked pictures

ප්‍රංශයේ සඟරාවකින් යුරෝ මිලියන 1.3ක වන්දි ඉල්ලමින් එංගලන්ත රජ පවුලේ විලියම් කුමරා හා කේට් කුමරිය  නඩු පවරා තිබෙනවා.

ඒ කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් එම සඟරාවේ විසින් පළ කර තිබීම හේතුවෙන්.

මීට වසර පහකට පෙර පෞද්ගලික නිවාඩුවක් ගත කරමින් සිටි රාජකීය යුවලගේ පින්තූර එම සඟරාවේ පැපරාසි ඡායාරූප ශිල්පියෙකු විසින් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදී ප්‍රංශයේ අධිකරණයක විභාග වූ අදාළ නඩුවට රාජකීය යුවළ පෙනී නොසිටියද ඔවුන් වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිට තිබෙනවා.

12:37 PM
basil-rajapaksa-03

කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවති දැවැන්ත මැයි රැලියේ ප්‍රධාන සංවිධායකයා වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේවනවිට ඔහුට එරෙහිව සිටි විපක්ෂ නායකයින්ගේ ද විශ්වාසය දිනා ගනිමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ද බලය තහවුරු කර ගෙන ඇත.

මෙම රැලියේ සංවිධාන කටයුතු වල මුලික වගකීම ගෙන එය සාර්ථක කරගැනීමට සියලු පාර්ශවයන් සමඟ සහෝදරත්වයෙන් කැපවී ක්‍රියා කිරීම සම්බන්ධව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙත පුද කරන බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා හා පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

වීරවංශ මහතා විසින් සිය ස්තුතිය මැයි රැළියේදී ඔහුගේ කතාවේදී ප්‍රකාශ කල අතර පෙරේදා රාත්‍රීයේ දෙරණ නාලිකාවේ පැවති 360 වැඩසටහනේදී ගම්මන්පිල මහතා ද බැසිල් රාජපක්ෂ මහතා වෙත සිය ස්තුතිය පල කලේය.

මුස්ලිම් ප්‍රජාව යලි දිනා ගැනීම :

මේ අතර, මෙම රැලිය සාර්ථක කර ගැනීම සඳහා, මුස්ලිම් ප්‍රභූවරුන්ගේ හා ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීමට බැසිල් රාජපක්ෂ මහතා සමත්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ඇඟයීමට ලක්ව ඇත.

ඔවුන් ගෙන් අති බහුතරය පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට ප්‍රසිද්ධියේ සහයදුන් පුද්ගලයින් වීම විශේෂ කාරණයකි.

අවසන් මොහොතේ වේදිකාවට :

ගෝල්ෆේස් පිටියේ පැවති දැවැන්ත මැයි රැලිය අවසන් මොහොත වනතෙක් වේදිකාව ආසන්නයට වී සංවිධාන කටයුතුවල නිරතවූ බැසිල් රාජපක්ෂ මහතාව වේදිකාවට කැඳවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන් අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂ නායකයින් ඔහුව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිය.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළ අංශ ප්‍රධානීන්ට බලපෑම් කරන්නැයි ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයා ගෙන් අගමැතිවරයා ගෙන් ඉල්ලීම් කර ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ. (srilankamirror)
Political

මැයි රැළියෙන් බැසිල්ගේ බලය තහවුරුවේ !

10:34 AM
Maithri-Mahinda-04

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දිනයේ ප්‍රධාන කතිකයා වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියේ ප්‍රධාන කතිකයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ආර්ථික ක්‍රමය සම්බන්ධයෙන් සමාන අදහසක් ඉදිරිපත් කර තිබේ.

ඔවුන් දෙදෙනාම පවසන්නේ ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කළ යුත්තේ ස්වදේශීය චින්තනයෙන් යුතු සමාජ ආර්ථික ක්‍රමයක් යටතේ බවයි.

මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පෙරේදා (01) පැවැති ශ්‍රීලනිප - එජනිස මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, රටක් ගොඩ නඟන්න හැම විටම මූලික විය යුත්තේ ස්වදේශීය චින්තනයෙන් යුත් ජාතිකත්වය මුල් කර ගත් චින්තනයක් බව තමා පිළිගන්නා බව කියා සිටියේය.

''අද ලෝකයේ ජාත්‍යන්තර වාදය කියන එක කෙමෙන් කෙමෙන් පහවෙමින් යනවා. ලෝකගේ ප්‍රබල රජ්‍යයන් අනෙකුත් රාජ්‍යයන්ට අත පෙවීම් ඉවත් කරමින් යනවා. සියලු රජ්‍යයන් ස්වදේශිකවාදී චින්තනයත් ජාතිකත්වයත් මුල්කරගනිමින් තමන්ගේ රට ගොඩ නැගීමට මුල් තැන දෙමින් යනවා.

අද අපට ලෝකයේ කිසිම රටකින් බලපෑමක් නෑ. ඒ ජයග්‍රහණය ලැබුණේ 2015 ජනවාරි අට ජයග්‍රහණයෙන් පසුව බව කිව යුතුයි.

මම බොහොම පැහැදිලිව කියනවා අද අපි කිසිම කෙනෙකුට වගඋත්තරකරුවෙක් නොවෙයි. විත්තිකරුවෙක් නොවෙයි. අපි නිදහස් රටක් විදියට ඉස්සරහට යන්න කිසිඳු බාධාවක් නෑ.'' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසිය. (srilankamirror)
Political

මෛත්‍රීයි - මහින්දයි පොදු ස්ථාවරයකට !

10:17 AM
Saheli Bandana

'බන්ධනය' චිත්‍රපටයේ අප කා අතරත් ජනප්‍රිය චරිතය වන 'සුමනා' හෙවත් බන්ධනයේ පුංචි නිළිය සොයා යෑමට අපි තීරණය කළෙමු. ඇය හේලි සඳිත්මායි. සහේලි ' සමග කතා බහට එක්වූයේ මෙලෙසිනි.

සහේළි, මේ දවස්වල ඔයාට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

ගොඩක් හොඳයි. ගොඩක් අය බයයිනේ හොල්මන් ෆිල්ම්වලට. ඒ වුණාට මගෙ ඉස්කෝලේ යාළුවො ගොඩක් බලලා තිබුණා. හැබැයි බය හිතුණා කිව්වා. සමහරක් කට්ටිය 3D එකනෙ බලලා තියෙන්නේ. එයාලා බයවෙලා 3D නිසා. එතකොට එයාලා බයේ කන්නාඩිය ගලවලා ඇස් වහගෙන හිටියා කිව්වා.

Q බන්ධනය චිත්‍රපටයට සම්බන්ධ වුණ විදිය කිව්වොත්?

ආනන්ද අබේනායක අංකල්ගේ 'තාරා' කියන නාට්‍යයේ මම රඟපෑවා. ඒ නාට්‍යයේ රඟපෑවා සුජාතා ප්‍රේමරත්න කියලා ආන්ටි කෙනෙක්. උදයකාන්ත අංකල් ඒ ආන්ටිට කියලා තියෙනවා මෙහෙම ෆිල්ම් එකක් කරන්න ඉන්නේ කියලා. ඒකට හරියන ළමයි කීපදෙනෙක් හොයලා දෙන්න කියලා. ඉතිං සුජාතා ආන්ටි තමා කියලා තියෙන්නේ මම දන්න එකම ළමයයි ඉන්නේ රඟපාන, ඒ සහේලි කියලා. ඒ වෙද්දි උදය අංකල් තාරා නාට්‍ය බලලා තිබ්බා.

ඊටපස්සේ මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කිව්වා. අංකල් මට කිව්වා අසනීප වුණ කෙනෙක් වගේ පොඩ්ඩක් රඟපාන්න කියලා. මම එතකොට පුංචි බබෙක්නේ. අංකල් කිව්වා අංකල් හොයන්නේ අවුරුදු 9, 10 වගේ ලොකු කෙනෙක් කියලා. ඒ වුණාට අංකල් පිටපත බලන්න දුන්නා. ඊටපස්සේ අම්මයි තාත්තයි ඒක කියවලා බලලා ඒක වෙනස්ම රඟපෑමක් නිසාත්, මම වගේ පුංචි බබෙක්ට ඒක හොඳ අවස්ථාවක් නිසාත් කැමති වුණා. ඊටපස්සේ උදය අංකල් මාව ෆිල්ම් එකට ගත්තා.

බන්ධනය චිත්‍රපටයේ කතාව අහලා බය හිතුණෙ නැද්ද?

මම කතාව ඇහුවේ නෑනේ. පිටපත මට දෙන්න එපා කියලා, උදය අංකල් ඒ වෙලාවට විස්තරේ කියලා තමා මම රඟපෑවේ.

චිත්‍රපටය දැන් නරඹද්දී සහේලි මොකද හිතෙන්නේ?

මට නම් බය හිතුණෙ නෑ. මම ගෙදරදීත් හොල්මන් ෆිල්ම් බලනවා. ඒක නිසා එච්චර බය හිතුණෙ නැහැ. ෆිල්ම් එක හොඳයි කියලා හිතුණා. හැබැයි බැලුවාම ඊටත් වැඩිය හොඳයි වගේ.

චිත්‍රපටය රූගත කිරීම් කරද්දි සිදුවුණ අමතක නොවන සිදුවීම් මොනවද?

වැඩියෙන්ම මතක අර හොල්මන් කරපු දවස් දෙකක්. ඒකෙදි තිබ්බා හූනොයි, කැරපොත්තොයි වමනෙ දාන සීන් එකක්. ඒක නම් අමතක වෙන්නේ නෑ.

රඟපාද්දි අනෙක් නැන්දලා, මාමලාගෙන් ලැබුණ සහයෝගය කොහොමද?

ගොඩාක් උදව් කළා. මම හොඳට රඟපෑවා කියලා කිව්වා.

සහේළි දායක වුණු වෙනත් නිර්මාණ මොනවාද?

සිරස ටී.වී. එකේ 'සුජාතා' කියන නාට්‍යයේ මම රඟපෑවා. ආනන්ද අබේනායක අංකල්ගේ 'තාරා' නාට්‍යයේ රඟපෑවා, ජැක්සන් ඇන්තනී අංකල්ගේ 'සීරජ' නාට්‍ය‘යෙත් රඟපෑවා.

ප්‍රියන්ත කොළඹගේ අංකල්ගේ 'දේදුනු ආකාසේ' ෆිල්ම් එකේ ඉන්නවා. ඒක තාම ඇවිත් නැහැ. මේ දවස්වල නෙත් එෆ්.එම්. එකේ 'සක්‍යා' කියන නාට්‍යයේ සක්‍යාට මම හඬකවනවා.

පාසලෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

මගේ පාසල කොළඹ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලය. පාසලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ මැඩම් තමා තුෂාරි ද සිල්වා. මැඩම් මම රඟපානවට කැමතියි. මැඩම් ෆිල්ම් එක පෙන්නපු මුල්ම දවසෙත් බලන්න ආවා.

බන්ධනය චිත්‍රපටයෙන් පස්සෙ ඔයාගෙ රඟපෑම් දැකලා වෙනත්නිර්මාණවලට ආරාධනා ලැබුණද?

මේ ෆිල්ම් එකෙන් පස්සෙ ඩොනල්ඩ් ජයන්ත අංකල්ගේ ෆිල්ම් එකකට කතා කළා මට.

සහේලිගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

හොඳ නිළියක් විම.

ස්තුති කරන්න ඕන කාටද?

උදය අංකල්ට, ඩොනල්ඩ් අංකල්ට, මාව මේකප් කරපු ජයන්ත අංකල්ට, මගේ ටීචර් තුෂාරි ද සිල්වාට ස්තුති කරනවා

-අද-
Cinema

'වැඩියෙන්ම මතක අර හොල්මන් කරපු දවස් දෙක'

9:56 AM
Vehicle import export

මෙරට වාහන ලියාපදිංචිය මෙම මාසය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර මාර්තු මාසයේ පමණක් වාහන 39,173 ක් ලියාපදිංචි කර ඇත.

යතුරුපැදි ලියාපදිංචිය මේ අතරින් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එහෙත් මෝ්ටර් කාර් ලියාපදිංචියේ වර්ධනයක් පෙන්නුම් කරන්නේ ඉතා සුලු වශයෙන්. එසේම මිණි ට‍්‍රක් රථ ලියාපදිංචිය ද එතරම් වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැත.

පෙබරවාරි මාසය තුළ අලුත් මෝටර් රථ ලියාපදිංචි කර තිබුනේ 786 ක් වූ වද එය මේ මාසය තුළ 936 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පාවිච්චි කරන ලද මෝටර් රථ ලියාපදිංචිය ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා. එය පෙරවාරි මාසයේ වාර්ථා වූ 1362 ප‍්‍රමාණයට සාපේක්ෂව 2025 කින් ඉහළ ගොස් තිබෙනවා.

පෙබරවාරි මාසය තුළ අලුත් මෝටර් රථ ලියාපදිංචි කර තිබුනේ 786 ක් වූ වද එය මේ මාසය තුළ 936 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පාවිච්චි කරන ලද මෝටර් රථ ලියාපදිංචිය ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා. එය පෙරවාරි මාසයේ වාර්ථා වූ 1362 ප‍්‍රමාණයට සාපේක්ෂව 2025 කින් ඉහළ ගොස් තිබෙනවා. (janayugaya)
Local

වාහන ලියාපදිංචියේ කැපී පෙනෙන වර්ධනයක්

5:30 AM
Meritorious-Action-Athula-Peiris-Pinkama

ග්‍රීසියේ පැවැත්වෙන INPUT - 2017 ජාත්‍යන්තර සම්මේලනයේදී තිරගත කිරීම සඳහා අතුල පීරිස් විසින් නිර්මාණය කරන ලද "පිංකම" ටෙලි නාට්‍ය තෝරාගෙන ඇත.

මෙය ශ්‍රී ලංකාවෙන් තෝරාගෙන ඇති එකම නිර්මාණයවේ. මෙම නිර්මාණ දැක්ම මැයි මස 07 සිට 11 දක්වා ග්‍රීසියේ දී පැවැත්වේ.

මෙම නාට්‍යට ජයලත් මනෝරත්න , ජයනි සේනානායක, අසඳ දෙව්තිළිණි, ලංකා බණ්ඩාරනායක චන්දන ඉරුගල්බණ්ඩාර රංගනයෙන් දායක වෙයි.

සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ වන අතර කැමරාකරණය රෝහණ සමරවීර ද ආලෝකකරණය සෝමරත්න පෙරේරා හා සංස්කරණයෙන් දිමුත් කුරුප්පු ද දායක විය.

මෙය ජාතික රූපවාහිනියේ නිෂ්පාදනයකි. (mirrorarts)
Cinema

අතුල පීරිස්ගේ "පිංකම" ජාත්‍යන්තරයට (VIDEO)

5:20 AM
wood-cutting-Cut a tree

පානදුර වෑකඩ ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ගසක් කැපීමට අත්තක් කපමින් සිටියදී කැපූ අත්ත සහ ඉහළ අත්ත කැඩී ගොස් ඔහුගේ ශරීරයේ වැදී අත්ත බිමට වැටී පෙරේදා දහවල් මියගොස් ඇති බව පානදුර පොලීසිය කියයි.

මියගිය ගසක අඩි 45ක් පමණ උඩට නැග මැෂිමෙන් අත්ත කපා ඇති අතර, ඉහළ අත්තේ කඹය පටලා කැපූ අත්ත බිමට ගැනීමට අදින විට උඩ අත්ත කැඩී කැපූ අත්ත සමග ඔහුගේ ශරීරයේ ගැටී බිමට වැටීමෙන් හිසට තුවාල සිදුවී එම සථානයේම මියගොස් තිබෙන බව අනාවරණය වී තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ පානදුර වෑකඩ , සද්ධාතිස්ස මාවතේ අංක 25/16 ඒ ලිපිනයේ පදිංචි ගස් කැපීම රුකියාව ලෙසට කරන උක්වත්ත ලියනගේ ලසන්ත සංජීව පෙරේරා නැමැති 46 හැවිරිදි සිව් දරු පියෙක්. (janayugaya)
Local

ගසක් කපන්න ගිය අයෙක් කැපූ අත්ත සමග බිම

5:15 AM
maithri-mahinda

වහා සමගි වී ශ්‍රීල.නි.ප. රජයක් ස්ථාපිත කිරීමට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් බල කිරීම සඳහා ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.

මේ ගැන නම් සඳහන් කිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ ශ්‍රීල.නි.ප. අමාත්‍යවරයෙක් කීවේ ඉදිරි දෙසතිය තුළ මෙම නායකයන් දෙදෙනාම මුණගැසී පක්ෂය වෙනුවෙන් කළයුතු උපරිම කැපකිරීම සිදුකර සමගි විය යුතු යැයි බලකර සිටින බවය.

පක්ෂයේ සහ ජාතියේ උන්නතිය උදෙසා ශ්‍රීල.නි.ප. සමඟිය ඉතා වැදගත් යැයි පැවසූ අමාත්‍යවරයා තමන් මෙම පියවර ගත්තේ ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟ මාස ගණනාවක් තිස්සේ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බවය.

මෙම දේශපාලන කපුකම සඳහා යන නිල නියෝජිත පිරිස තවම නම්කර නැතත් ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා ආදී ජ්‍යෙෂ්ඨයන් එම කණ්ඩායමට ඇතුළත් බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

පසුගිය සතියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් මෛත්‍රී පාර්ශ්වයේ යෝජනා ගණනාවක් මගින්ද රාජපක්ෂ පාර්ශ්වය වෙත එවා තිබුණි.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මතය වී තිබුණේ ශ්‍රීල.නි.ප.ය, එ.ජා.ප.ය සමඟ ආණ්ඩු කරන තාක්කල් සමගියකට කතා කිරීම නිෂ්ඵල බවය. (nethgossip)
Political

මෛත්‍රී - මහින්ද එකතු කිරීමේ ඇමති මෙහෙයුමක් ඇරඹෙයි!

5:10 AM
ranbir kapoor

ෆෙයානස් ක‍්‍රීම් සහ බොලිවුඩ් තරු අතර තියෙන්නේ ගහට පොත්ත වගේ හරිම ළග සම්බන්ධකමක්.

ඒ තරමටම ෆෙයාර්නස් ක‍්‍රීම් සම්බන්ධ වෙළද දැන්වීම්හී ප‍්‍රචාරණයට බොලිවුඩ් රංගන ශිල්පීන්ට ආරධනා ලැබෙනවා. මේ අතරේ සොනක්ෂි සින්හා, ශාරුක් ඛාන්, සිද්ධාර්ත් මල්හෝත‍්‍රා වගේ බොහෝ දෙනෙක් ඉන්නවා.

මේ අය මේ දැන්වීමකට පෙනී සිටින්න අය කරන්නේ ලේසි පහසු මිළක් නෙමෙයි රුපියල් වලින්නම් බොහෝම ලොකු ගණනක්. කොහොම වුනත් මේ අය අතරින් ෆෙයාර්නස් ක‍්‍රීම් වෙළද දැන්වීමක් සදහා වැඩිම මුදලක් අය කරන්නේ රන්බීර් කපූර්ලු.

රන්බීර් ෆෙයාර්නස් ක‍්‍රීම් දැන්විමක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 9 ක් අය කරන බව තමයි වාර්ථා වන්නේ.
Celebrities

ෆෙයාර්නස් ක‍්‍රීම් දැන්වීමක් වෙනුවෙන් වැඩිම මුදලක් අය කරන නළුවා

Share To:

ranbir kapoor

ෆෙයානස් ක‍්‍රීම් සහ බොලිවුඩ් තරු අතර තියෙන්නේ ගහට පොත්ත වගේ හරිම ළග සම්බන්ධකමක්.

ඒ තරමටම ෆෙයාර්නස් ක‍්‍රීම් සම්බන්ධ වෙළද දැන්වීම්හී ප‍්‍රචාරණයට බොලිවුඩ් රංගන ශිල්පීන්ට ආරධනා ලැබෙනවා. මේ අතරේ සොනක්ෂි සින්හා, ශාරුක් ඛාන්, සිද්ධාර්ත් මල්හෝත‍්‍රා වගේ බොහෝ දෙනෙක් ඉන්නවා.

මේ අය මේ දැන්වීමකට පෙනී සිටින්න අය කරන්නේ ලේසි පහසු මිළක් නෙමෙයි රුපියල් වලින්නම් බොහෝම ලොකු ගණනක්. කොහොම වුනත් මේ අය අතරින් ෆෙයාර්නස් ක‍්‍රීම් වෙළද දැන්වීමක් සදහා වැඩිම මුදලක් අය කරන්නේ රන්බීර් කපූර්ලු.

රන්බීර් ෆෙයාර්නස් ක‍්‍රීම් දැන්විමක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 9 ක් අය කරන බව තමයි වාර්ථා වන්නේ.

5:05 AM
Sinharaja Forest Reserve-01

සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින පවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත.

ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1978 වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, 1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ.

රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත නොහැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි. බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායිජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.

එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.

-I Love Sri Lanka-
Features

සිංහරාජ වන රක්ෂිතය

5:00 AM

02 May, 2017

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ,ශ්‍රී ලංකා පොලීසිය සඳහා යෝජිත නව නිළ ඇඳුම සඳහා වර්ණ පහකින් යුත් ඇඳුම් යෝජනා කර තිබේ.

මේ යෝජනාව පිළිබඳව පොලිස්පතිවරයා විසින් මැති ඇමතිවරුන්ගෙන් මෙන්ම රජයේ උසස් නිලධාරීන්ගෙන්ද වෙන වෙනම මත විමසා තිබේ.

පොලිස් නිල ඇඳුමේ නව වර්ණ ලෙස සුදු කමිසය සහ කළු කලිසම, ලා නිල් පැහැ කමිසය සහ තද නිල් කලිසම, ලා අළු පැහැ කමිසය සහ තද අළු කලිසම, ලා දුඹුරු පැහැ කමිසය සහ කාකි කලිසම හෝ දැනට පවතින කාකි කමිසය සහ කාකි කලිසම යෝජනා කර ඇත.

1966, 1925, 1957 සහ 1975 වර්ෂවලදී පොලිස් නිලඇඳුම වෙනස් වී ඇති බවත්, වර්තමාන ශ්‍රීලංකා පොලීසියේ භාවිත වන කාකි නිළ ඇඳුම ලොව බොහො රටවල් මේ වන විට ඉවත් කර ඇති බවත්, හෙතම සඳහන්කර තිබේ.ඒ අනුව බහුතර කැමැත්ත හා එකඟතාව මත ඉදිරියේදී පොලිස් නිළ ඇඳුම වෙනස් වනු ඇත.

මේ අතරින් ඔබේ කැමත්ත කුමකටද?

new uniforms Sri Lanka Police

Features

ශ්‍රී ලංකා පොලීසිය සඳහා යෝජිත නව නිළ ඇඳුම් මෙන්න - ඔබේ කැමත්තත් කියන්න

Share To:

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ,ශ්‍රී ලංකා පොලීසිය සඳහා යෝජිත නව නිළ ඇඳුම සඳහා වර්ණ පහකින් යුත් ඇඳුම් යෝජනා කර තිබේ.

මේ යෝජනාව පිළිබඳව පොලිස්පතිවරයා විසින් මැති ඇමතිවරුන්ගෙන් මෙන්ම රජයේ උසස් නිලධාරීන්ගෙන්ද වෙන වෙනම මත විමසා තිබේ.

පොලිස් නිල ඇඳුමේ නව වර්ණ ලෙස සුදු කමිසය සහ කළු කලිසම, ලා නිල් පැහැ කමිසය සහ තද නිල් කලිසම, ලා අළු පැහැ කමිසය සහ තද අළු කලිසම, ලා දුඹුරු පැහැ කමිසය සහ කාකි කලිසම හෝ දැනට පවතින කාකි කමිසය සහ කාකි කලිසම යෝජනා කර ඇත.

1966, 1925, 1957 සහ 1975 වර්ෂවලදී පොලිස් නිලඇඳුම වෙනස් වී ඇති බවත්, වර්තමාන ශ්‍රීලංකා පොලීසියේ භාවිත වන කාකි නිළ ඇඳුම ලොව බොහො රටවල් මේ වන විට ඉවත් කර ඇති බවත්, හෙතම සඳහන්කර තිබේ.ඒ අනුව බහුතර කැමැත්ත හා එකඟතාව මත ඉදිරියේදී පොලිස් නිළ ඇඳුම වෙනස් වනු ඇත.

මේ අතරින් ඔබේ කැමත්ත කුමකටද?

new uniforms Sri Lanka Police

10:55 PM
virat-kohli-anushka

අනුෂ්කා ෂර්මා කියන්නේ බොලිවුඩ් වල ඉන්න අති සාර්ථක රංගන ශිල්පිනියක්. කොහොම වුනත් අනුෂ්කට ඊයේ දවස ( 01) ගොඩක් වැදගත් දවසක්.

ඒකට හේතුව එයාගේ 29 නි උපන්දිනය යෙදිලා තිබුනේ ඊයේ දවසේ වීම. උපන්දිනයක් වගේ දෙයක් ලොකු පිරිසකට කියලා විශාල උත්සවයක් එක්ක සමරන එක හුගාක් බොලිවුඩ් නළු නිළියන්ගේ ක‍්‍රියා පිළිවෙත වුනත් අනුශ්කා මෙවර උපන්දිනේ ඒ විදියට සමරලා නෑ කියලයි දැන ගන්න ලැබෙන්නේ.

හැබැයි අනුශ්කාගේ පෙම්වතා විරාත් කෝලිට නම් එයාගේ IPL ක‍්‍රිකට් කණ්ඩායමේ අයත් එක්ක එකතුවෙලා අනුශ්කාගේ උපන්දිනේ ඉහළින්ම සමරන්න ලොකු වුවමනාවක් තිබුනලු. හැබැයි මේ වගේ සාද වලට ඒ තරම් ප‍්‍රය කරන්නේ නැති අනුශ්කා ඒ වෙනුවෙට එයාගේ සමීප යාළුවෝ කිහිප දෙනෙකුයි, ගෙදර අයයි එක්ක සමරන්න තිරණය කරාලු.
Celebrities

විරාත් නැතිව සමරපු අනුෂ්කා ශර්මාගේ 29 උපන්දිනේ

8:31 PM
back to top